Saturday, August 6, 2016

සරණාගතයින් වෙනුවෙන් අපි නැගී සිටිමු

(2016 ජුනි 20 - අන්තර්ජාතික සරණාගත දිනය වෙනුවෙන් ලියන ලද්දකි...)

යුධමය තත්ත්වයන් සහ වද හිංසා කිරීම්වලට ගොදුරුව ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා වැඩියෙන් ලොව පුරා පුද්ගලයින් පසුගිය වසරක කාලය තුළ සරණාගතයින් බවට පත්ව ඇති බව, එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (UNHCR) විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වෙනවා. 
එම වාර්ථාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ 2015 වර්ෂයේ සෑම මිනිත්තුවකටම ‍පුද්ගලියින් 24 දෙනෙක් අවතැන්භාවයට පත්වී ඇති බවයි. එය දැනට දශකයකට පෙර මිනිත්තුවකට 6 දෙනෙක් වැනි අඩු අගයක තිබුණු තත්ත්වයක්. මේ අනුව ගත් කල 2015 වර්ශය අවසානයේ දී ලොව පුරා සරණාගතභාවයට පත්ව ඇති ජනගහණය මිලියන 65.3 ක්.!! 
එය 2014 වර්ෂයට වඩා මිලියන 5.8ක වැඩිවීමක්. එමෙන්ම එය මෙතෙක් වර්ෂයක කාලය තුළදී සරණාගතයින් මිලියන 60 සීමාව ඉක්මවූ ප්‍රථම වතාව ලෙසද සටහන් වෙනවා... මෙයට වැඩිපුරම බලපා ඇත්තේ සිරියාවේ ඇතිවී තිබෙන යුදමය වාතාවරණය වන අතර ඇෆ්ගනිස්ථානය සහ සෝමාලියාව වැනි රටවල තත්ත්වය ද මේ කෙරෙහි බලපා ඇති බව අන්තර්ජාතික පුවත් සේවා වාර්තා කරනවා.. ලොවපුරා සරණාගතභාවය පිළිබඳව පුළුල්ව සාකච්ඡාවට බඳුන්වී ඇති මෙම වර්ෂයේ අන්තර්ජාතික සරණාගත දිනයේ තේමාව වන්නේ "සරණාගතයින් වෙනුවෙන් අපි නැගී සිටිමු" යන්නය...  



----------------------------------------------------------------------
අන්තර්ජාතික පුවත් සේවා ඇසුරිනි...

Friday, August 5, 2016

නව යෞවනියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ආයෝජනය කරමු...

(ජුලි මස 11 වැනි දිනට යෙදුනු ලෝක ජනගහණ දිනය නිමිත්තෙනි) 

වර්ෂ 1989 දී, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් ලබා දුන් නිර්දේශයක් අනුව සෑම වර්ෂයකම ජූලි මස 11 වැනි දින ලෝක ජනගහණ දිනය ලෙස නම් කිරීමට තීරණය කරන ලදී.. 
මෙම දිනයේ දී ජනගහණය හා සබැඳි ගැටළු පිළිබඳව ලෝක අවධානය ලබා ගැනීම පිණිස ලොව පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.. මෙවර ලෝක ජනගහණ දිනයේ තේමාව වූයේ " Investing in teenage girls - නව යෞවනියන් වෙනුවෙන් ආයෝජනය කරමු" යන්නයි... එහි අර්ථය වන්නේ ලොව පුරා විසිරී ජීවත්වන නව යොවුන් වියේ පසුවන තරුණියන් මුහුණදෙන පොදු ගැටළු වෙනුවෙන් වැඩිපුර අවධානයක් යොමු කලයුතු බවත් ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කල යුතු බවත් ය....

ඡායාරූප මූලාශ්‍රය - එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙබ් අඩවිය

Thursday, July 14, 2016

පරම වීර විභූෂණයෙන් පිදුම් ලද ප්‍රථම රණවිරුවා - හසලක වීර ගාමිණී

( ගාමිණී කුලරත්න රණවිරුවා දැයෙන් සමුගෙන අදට වසර 25 ක් සපිරේ. මේ එ් වෙනුවෙන් තබන සටහනකි...)

1991 වර්ෂයේ ජූලි මස 14 වැනි දා අලිමංක‍ඩ යුද හමුදා කඳවුර වෙතට කොටි ත්‍රස්තවාදීන් රැසක් ප්‍රහාර දෙමින් ඉදිරියට පැමිණියේ කොටින් විසින් තහඩු ගසා තුවක්කු සවි කර ඇතුළත පුපුරණ යොදා විශේෂයෙන් සාදන ලද බුල්ඩෝසරයක් පෙරටු කරගනිමිනි.. ඒ අලිමංකඩ කඳවුර සහමුලින්ම විනාශ කර දැමීමේ අරමුණ ඇතිවය.. යුද හමුදා ආර්.පී.ජී අවි ප්‍රහාර හමුවේ පවා නොසැලී එම බුල්ඩෝසරය ඉදිරියට පැමි‍ණි අතර මේ වන විට ශ්‍රි ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ 6 වැනි බලකායේ සේවය කළ සෙබළ ගාමිණී සිටියේ අලිමංක‍ඩ කඳවුරේ ප්‍රධාන දොරටුවේ මුර කපොල්ලේ තිබූ බංකරයක ය... තව මොහොතකින් තම කඳවුර‍ට සහ 1500ක් පමණ වූ සහෝදර සෙබළ මුලට අත්වන්නට යන ඉරණම වටහාගත් ‍වීර ගාමිණී ඉදිරි‍යට පැමිණෙන බුල්ඩෝසරය වෙතට දිවගියේ අනෙක් සහෝදර නිළධාරීන් එපා යැයි කෑ ගසත්දී ය.. නමුත් රට දැය වෙනුවෙන් වූ යුතුකම මනාව වටහාගෙන සිටි සෙබළ ගාමිණී සතුරු වෙඩි පහර කා ගෙනම තම දෑත මත වූ බෝම්බ ද රැගෙන කෙසේ හෝ කොටි‍ බුල්ඩෝසරයේ ඉණිමඟ ද නැග එම බෝම්බ, ‍බුල්ඩෝසරය අැතුළට දමා ගැසීය.. මේ සමඟම කොටි සන්නද්ධ බුල්ඩෝසරය පුපුරා ගිය අතර ත්‍රස්තවාදීන්ගේ ආක්‍රමණය ද නැවතී කඳවුර රැකගැනීමට හැකි විය... ඒ සමඟින් ම ගාමිණී කුලරත්න විරුවා ද තම අවසන් හුස්ම පොද වා තලයට මුසු කලහ...

Friday, June 5, 2015

මිහිකතේ තුතිගීය...

පරිසරය සුරැකීම පිළිබඳ ලෝකයේ අවධානය යොමුකිරීම සහ ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සෑම වර්ෂයකම ජූනි 5 වැනි දිනට යෙදී ඇති, ලෝක පරිසර දිනය පිළිබඳ කෙටි විමසුමකි.....

image source : http://starofstar.yolasite.com/resources/SAVE_THE_NATURE_by_Pasado.png




         1972 වර්ෂයේ දී ස්වීඩනයේ, ස්ටොක්හෝල්ම් නගරයේ පැවැති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ දී ස්ථාපිත කරගන්නා ලද මෙම දිනය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන - United Nations Environment Programe (UNEP) - ‍යටතේ ක්‍රියාත්මක කරනු ලබයි...

මෙවර එහි තේමාව වී ඇත්තේ..            
             බිලියන හතක සිහිනයන්....
             එකම මිහිමඩලක්....
             ප්‍ර‍වේශමෙන් පරි‍භෝජනය කරමු....   යන්නය.
             

Monday, May 25, 2015

තරුණ දිනය හා තරුණ ප්‍රජාව හමුවේ ඇති අභියෝග...

21 වැනි තරුණ දින සැමරුම මෙවර ද ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා තරුණ කට‍යුතු ඇමතිතුමා සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිතුමන් ඇතුලු ආරාධිතයන් සහ යෞවන සමාජ ව්‍යාපාරය හා සම්බන්ධ තරුණ තරුණියන් රැසකගේ සහභාගීත්වයෙන් උත්කර්ශවත් ලෙස පැවැත්විය.
             තරුණ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් පිළිබඳව මෙහිදී වැඩි වශයෙන් අවධානය යොමු කරන ලදි. 
මූලාශ්‍රය - http://www.reachingcampus.com/wp-content/uploads/2010/11/hands.jpg
         
 පසුගිය කාල වකවානුව පුරාවටම තරුණ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩසටහන් සුවිශාල ප්‍රමාණයක් නිර්මාණය වුව ද සැබැවින්ම බිම් මට්ටමේ තරුණ ප්‍රජාව‍ට ලැබුණු ප්‍රතිලාභයක් නැති තරම්ය. වි‍ශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වෙනුවෙන් පවතින ප්‍රධානතම සංවිධානය වන යෞවන සමාජ ව්‍යාපාරය ද මේ වන විට යල් පැන ගිය ව්‍යාපාරයක් බවට පත්වෙමින් පවතී... 
Blogger Widget