Friday, June 5, 2015

මිහිකතේ තුතිගීය...

පරිසරය සුරැකීම පිළිබඳ ලෝකයේ අවධානය යොමුකිරීම සහ ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සෑම වර්ෂයකම ජූනි 5 වැනි දිනට යෙදී ඇති, ලෝක පරිසර දිනය පිළිබඳ කෙටි විමසුමකි.....

image source : http://starofstar.yolasite.com/resources/SAVE_THE_NATURE_by_Pasado.png




         1972 වර්ෂයේ දී ස්වීඩනයේ, ස්ටොක්හෝල්ම් නගරයේ පැවැති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ දී ස්ථාපිත කරගන්නා ලද මෙම දිනය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන - United Nations Environment Programe (UNEP) - ‍යටතේ ක්‍රියාත්මක කරනු ලබයි...

මෙවර එහි තේමාව වී ඇත්තේ..            
             බිලියන හතක සිහිනයන්....
             එකම මිහිමඩලක්....
             ප්‍ර‍වේශමෙන් පරි‍භෝජනය කරමු....   යන්නය.
             

Monday, May 25, 2015

තරුණ දිනය හා තරුණ ප්‍රජාව හමුවේ ඇති අභියෝග...

21 වැනි තරුණ දින සැමරුම මෙවර ද ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා තරුණ කට‍යුතු ඇමතිතුමා සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිතුමන් ඇතුලු ආරාධිතයන් සහ යෞවන සමාජ ව්‍යාපාරය හා සම්බන්ධ තරුණ තරුණියන් රැසකගේ සහභාගීත්වයෙන් උත්කර්ශවත් ලෙස පැවැත්විය.
             තරුණ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් පිළිබඳව මෙහිදී වැඩි වශයෙන් අවධානය යොමු කරන ලදි. 
මූලාශ්‍රය - http://www.reachingcampus.com/wp-content/uploads/2010/11/hands.jpg
         
 පසුගිය කාල වකවානුව පුරාවටම තරුණ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩසටහන් සුවිශාල ප්‍රමාණයක් නිර්මාණය වුව ද සැබැවින්ම බිම් මට්ටමේ තරුණ ප්‍රජාව‍ට ලැබුණු ප්‍රතිලාභයක් නැති තරම්ය. වි‍ශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වෙනුවෙන් පවතින ප්‍රධානතම සංවිධානය වන යෞවන සමාජ ව්‍යාපාරය ද මේ වන විට යල් පැන ගිය ව්‍යාපාරයක් බවට පත්වෙමින් පවතී... 

Monday, January 26, 2015

ග්‍රාමීය අධ්‍යාපනයේ හෙට දවස...

          "කොළඹට කිරි ගමට කැකිරි.." යන උපමාව අප ව්‍යවහාරයට එක් වී අැත්තේ මෑත අතීතයේ දී ය.පසුගිය දශක කිහිපය පුරාවට විවිධ ආණ්ඩු රට පාලනය කල ද ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම නිසා මෙය අප ජන විඥාණය තුළට කිඳා බැස ඇතැයි අපට අනුමාන කළ හැක. කොළඹ නගරය හා තදාසන්න පෙදෙස්වල සංවර්ධනය සහ ග්‍රාමීය පෙදෙස්වල සංවර්ධනය අහසට පොලොව මෙන් අන්ත දෙකක් ගෙන ඇත. ප්‍රවාහන දුෂ්කරතා, ජලය ලබා ගැනීමේ දුෂ්කරතා, වන අලි තර්ජන, ස්වභාවික විපත් වලින් නිරන්තර පීඩනයට ලක්වීම, සනීපාරක්ෂක පහසුකම් අවම වීම සහ අධ්‍යාපන පහසුකම් ප්‍රමාණවත් නොවීම ආදී කාරණා රාශියක් මෙහිලා දැක්විය හැක.

නිසි අධ්‍යාපනයක් මඟින් දරුව‍න්ගේ අනාගතය සුරක්ෂිත කළ හැක...
මූලාශ්‍රය - http://2.bp.blogspot.com/-ZhRTsmju-CU/UR-Xab49P6I/
AAAAAAAAIns/juIEtUaUX3k/s1600/2013-02-11+12.14.51.jpg

Blogger Widget