21 වැනි තරුණ දින සැමරුම මෙවර ද ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා තරුණ කටයුතු ඇමතිතුමා සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිතුමන් ඇතුලු ආරාධිතයන් සහ යෞවන සමාජ ව්‍යාපාරය හා සම්බන්ධ තරුණ තරුණියන් රැසකගේ සහභාගීත්වයෙන් උත්කර්ශවත් ලෙස පැවැත්විය.
තරුණ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් පිළිබඳව මෙහිදී වැඩි වශයෙන් අවධානය යොමු කරන ලදි.
![]() |
මූලාශ්‍රය - http://www.reachingcampus.com/wp-content/uploads/2010/11/hands.jpg |
පසුගිය කාල වකවානුව පුරාවටම තරුණ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩසටහන් සුවිශාල ප්‍රමාණයක් නිර්මාණය වුව ද සැබැවින්ම බිම් මට්ටමේ තරුණ ප්‍රජාවට ලැබුණු ප්‍රතිලාභයක් නැති තරම්ය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වෙනුවෙන් පවතින ප්‍රධානතම සංවිධානය වන යෞවන සමාජ ව්‍යාපාරය ද මේ වන විට යල් පැන ගිය ව්‍යාපාරයක් බවට පත්වෙමින් පවතී...
යාපනයේ තරුණියක් සමූහ දූෂණයට ලක් වූයේ නොබෝ දිනක දීය.. ඒ වෙනුවෙන් ඉටිපන්දම් දැල්වීමක් හා විරෝධය දැක්වීමකින් පමණක් මෙවැනි ප්‍රශ්ණ විසඳිය හැකියැයි සිතිය හැකි ද?... ළමා කටයුතු රාජ්‍ය ඇමතිනිය සෑම දිනකදීම රූපවාහිනිය ඉදිරිපිට ළමුන් වෙනුවෙන් හැඟුම්බරව කතා කරයි, හඬා වැළපෙයි.. නමුත් ළමා හා තරුණ මනස දූෂණයට ප්‍රධාන හේතුවක් වන දකුණු ඉන්දියානු චිත්‍රපට විකාශනය පිළිබඳ ඇය කිසිඳු දෙයක් සඳහන් නොකරයි.. එයින් පැහැදිලි වන්නේ ඇයට රටේ බිම් මට්ටමේ සිදුවන දේ ගැන අවබෝධයක් නොමැති කමද?
පසුගිය ආණ්ඩු සමයේ ලෝක තරුණ සමුළු පැවත්වුවද ගමේ බෝක්කුව උඩ කාලය කා දමමින් හැසිරෙන තරුණයා රටේ සංවර්ධනයට දායක කර ගැනීමට තරම් ඔවුන් දක්ෂතාවයක් පෙන්වූයේ නැත. අප අළුත් ආණ්ඩුවෙන් බලා පොරොත්තු වන්නේ එයයි... සීත කාමර වල සිට අදහස් දක්වමින් සිටින්නේ නැතිව ගමට පැමිණ ක්‍රියාත්මක වන ලෙසය.. තරුණයන් වෙනුවෙන් ගතයුතු තීන්දු තීරණ කල් මරන්නේ නැතිව ගන්නා ලෙසය...
No comments:
Post a Comment