Friday, August 5, 2016

නව යෞවනියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ආයෝජනය කරමු...

(ජුලි මස 11 වැනි දිනට යෙදුනු ලෝක ජනගහණ දිනය නිමිත්තෙනි) 

වර්ෂ 1989 දී, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් ලබා දුන් නිර්දේශයක් අනුව සෑම වර්ෂයකම ජූලි මස 11 වැනි දින ලෝක ජනගහණ දිනය ලෙස නම් කිරීමට තීරණය කරන ලදී.. 
මෙම දිනයේ දී ජනගහණය හා සබැඳි ගැටළු පිළිබඳව ලෝක අවධානය ලබා ගැනීම පිණිස ලොව පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.. මෙවර ලෝක ජනගහණ දිනයේ තේමාව වූයේ " Investing in teenage girls - නව යෞවනියන් වෙනුවෙන් ආයෝජනය කරමු" යන්නයි... එහි අර්ථය වන්නේ ලොව පුරා විසිරී ජීවත්වන නව යොවුන් වියේ පසුවන තරුණියන් මුහුණදෙන පොදු ගැටළු වෙනුවෙන් වැඩිපුර අවධානයක් යොමු කලයුතු බවත් ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කල යුතු බවත් ය....

ඡායාරූප මූලාශ්‍රය - එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙබ් අඩවිය


අඩු වයස් විවාහ සහ අඩු වයස් මාතෘත්වය වැනි කරුණු ලොව පුරා විවිධ ප්‍රජාවන්ට අයත් නව යෞවනියන්ට දැඩි අභියෝගයක් වී ඇත.. එයට හේතුව විවිධ ජන වර්ගවලට අයත් නොයෙක් විශ්වාසයන් සහ මතවාද නිසා එම ප්‍රජාවගෙන් සහ දෙමාපියන්ගෙන් එල්ලවන බලපෑම් මත මෙම තත්ත්වයනට මුහුණ දීමට ඔවුනට සිදුවීමයි.. 
මේ හේතුවෙන් ඔවුන් අධ්‍යාපනය අතරමඟ කඩාකප්පල් කරගන්නා අතරම ඔවුනගේ අනාගත අරමුණු සහමුළින්ම පාහේ බිඳවැටේ... සෞඛ්‍යය හා සනීපාරක්ෂාව, මානව හිමිකම්, ප්‍රජනන ආරක්ෂණය වැනි කරුණු පිළිබඳව පාසැලෙන් ල‍බා දෙන දැනුම ද අල්ප වීම හේතුවෙන් මෙම‍ යෞවනියන් විවිධ ලෙඩ රෝගවලට ගොදුරුවීම, අනතුරුවලට ලක්වීම සහ සූරාකෑමට ලක්වීම සිදුවේ... 
එබැවින් අපගේ අරමුණ විය යුත්තේ මෙම තරුණ කොට්ඨාශය සමාජයේ දුබල දුර්වල, නිරන්තර හිංසනයට ලක්වන කොටසක් බවට පත්කිරීම වෙනුවට ඔවුන් සවිබලගැන්වීම, ඔවු‍න්ගේ හිමිකම් පිළිබඳව අවබෝධය ලබාදීම හා ඔවුන්ගේ සාර්ථකත්වයට අවශ්‍ය සහයෝගය ලබා දීම තුළින් ඔවුන් සමාජයේ සාධනීය වෙනසක් කළ හැකි ගාමක බලවේගය බවට පත්කිරීමය.... 
(එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙබ් අඩවිය ඇසුරිනි..)

No comments:

Post a Comment

Blogger Widget