Friday, June 5, 2015

මිහිකතේ තුතිගීය...

පරිසරය සුරැකීම පිළිබඳ ලෝකයේ අවධානය යොමුකිරීම සහ ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සෑම වර්ෂයකම ජූනි 5 වැනි දිනට යෙදී ඇති, ලෝක පරිසර දිනය පිළිබඳ කෙටි විමසුමකි.....

image source : http://starofstar.yolasite.com/resources/SAVE_THE_NATURE_by_Pasado.png




         1972 වර්ෂයේ දී ස්වීඩනයේ, ස්ටොක්හෝල්ම් නගරයේ පැවැති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ දී ස්ථාපිත කරගන්නා ලද මෙම දිනය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන - United Nations Environment Programe (UNEP) - ‍යටතේ ක්‍රියාත්මක කරනු ලබයි...

මෙවර එහි තේමාව වී ඇත්තේ..            
             බිලියන හතක සිහිනයන්....
             එකම මිහිමඩලක්....
             ප්‍ර‍වේශමෙන් පරි‍භෝජනය කරමු....   යන්නය.
             


෴මෙවර ද UNEP මඟින් ඉහත තේමාව යටතේ ලොව පුරා විවිධ වැඩසටහන් සංවිධානය කර ඇති අතර පරිසරය සුරැකීම පිළිබඳ තමාගේ ප්‍රතිඥාවක් අනෙක් අයටද දැනුවත් වීම සඳහා එක් කිරීමට ඔවුන්ගේ වෙබ් අඩවිය මඟින් අවකාශය සලසා ඇත෴
පහත සබැඳිය ‍භාවිතා කොට ඔබේ ප්‍රතිඥාවත් මේ සඳහා එක් කල හැක....http://www.unep.org/wed/wedchallenge/
"හමන මදනලේ නැවුම් බව හෝ ගලා යන දිය දහරේ කාන්තිය අපට අයිති නැතිකොට, නිල් අහසට, භූමියේ උණුසුමට ඔබ විසින් මිලක් නියම කරන්නේ කෙසේ ද? මිලදී ගන්නේ කෙසේ ද?
 මේ මිහිමඩලේ සෑම අඟලක්ම ම‍ාගේ මිනිසුන්ට පූජනීය ය. දිදුලන සෑම තුරු පතක්ම ද වැල්ලෙන් වැසුනු ගං ඉවුරු ද අදුරු වනාන්තර තුළින් අදෙන තුෂර දුමාරයන් ද එ් අතරින් මිහිකත සිඹින අරුණලු කදම්බයන් ද කුඩා සතු‍න්ගේ මුණු මුණුව ද අපට ශුද්ධ වූ මතකයන් හා අප මිනිසුන්ගේ අනුභූතීන් ය...."
                 - රතු ඉන්දියානු නායක සියැටල් විසින් ඇමරිකානු ජනාධිපති ෆ්රෑන්ක්ලීන් ‍ෆියර්ස් වෙත 1855 දී යවන ලද සුප්‍රසිද්ධ ලිපියේ අනුවාදනය කරන ලද කොටසකි.....( මූලාශ්‍රය : http://www.context.org/iclib/ic03/seattle/)

ඉහත දක්වන ලද පරිසර දින තේමාවෙන් ද ගම්‍යවන්නේ දැනට සියවස් එකහමාරකට පමණ ඉහත ලියන ලද මෙම ලිපියේ කරුණුම බව එය කියවන විට හැඟීයයි... තමන් විසින් සිදුකරන ලද පරිසර විනාශයන් ගේ තරම වැටහුණු බටහිර ජාතීන් විසින් පරිසරය ආරක්ෂා කිරීම සඳහා මේ වන විට යම් අවධානයක් යොමු කරමින් සිටින බව අපට පෙනී යයි... Sustainable Development ( තිරසාර සංවර්ධනය ) අද ලෝකයෙ කතා බහට ලක්වන ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී ඇත්තේ ඒ අනුවය...


නමුත් කණගාටුවට කාරණය වන්නේ අප රටේ පාලකයන් මේ පිළිබඳව ප්‍රමාණවත් තරම් අවධානයක් යොමු නොකිරීම ය. පසුගිය දිනවල වැඩිපුරම කතාබහට ලක්වූ විල්පත්තු පිළබඳ ප්‍රශ්ණයේ දී මේ පිළිබඳ මනාව පැහැදිලි විය.... එමෙන්ම කෘෂි රසායන භාවිතය නිසා සිදුවන ජල දූෂණය... අධික වාහන තදබදය නිසා සිදුවන වායු දූෂණය... නිසි නගර සැලැස්මකට අනුව ඉදි නොවන නාගරික ඉදිකිරීම් හා නිසි පාරිසරික ඇගයීම්වලින් තොරව සංවේදී පරිසර කාලාප ආශ්‍රිතව සිදුවන ඉදිකිරීම්... බලශක්තිය සඳහා තිරසර බලශක්ති ප්‍රභ‍ව යොදා ගැනීම පිළිබඳ රටක් වශයෙන් පසුගාමී තත්ත්වයක සිටීම... ආදී මේ කරුණු සඳහා ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කොට ජාති ආගම් කුල මල බේදවලින් තොර තිරසර සංවර්ධනයෙන් යුතු රටක් බිහි කිරීමට රටේ පාලකයන් ප්‍රධාන සියලුම පුරවැසියන් පෙළගැසිය යුතු කාලය එළඹී ඇත...


ඉන්දියානු ජාතික රාජතාන්ත්‍රිකයෙකු හා කවියෙකු වූ අබේ කුමාර් මහතා විසින් මිහිකත සැමරීම වෙනුවෙන් සකස් කරන ලද ඉංග්‍රීසි ගීතයේ (Earth Anthem), මවිසින් සකස් කරන ලද සිංහල අනුවාදයක් පහත දැක්වේ....

මිහිකතේ තුතිගීය.....

අප විශ්වයේ ක්ෂේම භූමිය... විශ්වයේ නිල් මුතු ඇටය...
සක්වලේ මනහරම භූමිය...
සකල මහාද්වීප හා මහා සාගරයන්...
එකාවන්ව නැගිටිමු ගහකොළ හා සතා සීපාවුන් වෙනුවෙන්...
එකාවන්ව නැගිටිමු එකම ජාතියක් මෙන්...
කාල, තළෙලු, ස්වේත ආදී නේක වර්ණ...
අප සැම මනුෂ්‍යයන්ය... අප නිවහන මේ මිහිමඩල ය...

අප විශ්වයේ ක්ෂේම භූමිය... විශ්වයේ නිල් මුතු ඇටය...
සක්වලේ මනහරම භූමිය...
මෙලොව සියලු මිනිසුන් හා ජාතීන්...
සැවොම එකා වෙනුවෙන්... එකා සැවොම වෙනුවෙන්...
එකමුතුව ලෙළදෙවමු නීල‍ ලෝක ධජය...
කාල, තළෙලු, ස්වේත ආදී නේක වර්ණ...
අප සැම මනුෂ්‍යයන්ය... අප නිවහන මේ මිහිමඩල ය...


4 comments:

  1. වටිනා අදහස් ටිකක් හිමාල් මිනිස් සංහතියේ බෞතික දියුණුව මිහිමඩල හපයක් බවට පත් කරනව සියලු දේ මුදල් මත තීරණය වන වර්තමාණ සමාජයට සියැටල්ගෙ ඇසින් ලෝකය දෙස බලන්නට කිසි දාක හැකි වෙතැයි සිතන්නට බැහැ .

    ReplyDelete
    Replies
    1. ඔව් මහේන්... හැබැයි මේවා මිනිස්සු තේරුම්ගන්න දවසක් එනවා... ඒත් එදාට අාපහු හරවන්න බැරි විදියට මේ ‍ලෝකේ විනාශ වෙලා තියෙයි...

      Delete

Blogger Widget