Thursday, July 14, 2016

පරම වීර විභූෂණයෙන් පිදුම් ලද ප්‍රථම රණවිරුවා - හසලක වීර ගාමිණී

( ගාමිණී කුලරත්න රණවිරුවා දැයෙන් සමුගෙන අදට වසර 25 ක් සපිරේ. මේ එ් වෙනුවෙන් තබන සටහනකි...)

1991 වර්ෂයේ ජූලි මස 14 වැනි දා අලිමංක‍ඩ යුද හමුදා කඳවුර වෙතට කොටි ත්‍රස්තවාදීන් රැසක් ප්‍රහාර දෙමින් ඉදිරියට පැමිණියේ කොටින් විසින් තහඩු ගසා තුවක්කු සවි කර ඇතුළත පුපුරණ යොදා විශේෂයෙන් සාදන ලද බුල්ඩෝසරයක් පෙරටු කරගනිමිනි.. ඒ අලිමංකඩ කඳවුර සහමුලින්ම විනාශ කර දැමීමේ අරමුණ ඇතිවය.. යුද හමුදා ආර්.පී.ජී අවි ප්‍රහාර හමුවේ පවා නොසැලී එම බුල්ඩෝසරය ඉදිරියට පැමි‍ණි අතර මේ වන විට ශ්‍රි ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ 6 වැනි බලකායේ සේවය කළ සෙබළ ගාමිණී සිටියේ අලිමංක‍ඩ කඳවුරේ ප්‍රධාන දොරටුවේ මුර කපොල්ලේ තිබූ බංකරයක ය... තව මොහොතකින් තම කඳවුර‍ට සහ 1500ක් පමණ වූ සහෝදර සෙබළ මුලට අත්වන්නට යන ඉරණම වටහාගත් ‍වීර ගාමිණී ඉදිරි‍යට පැමිණෙන බුල්ඩෝසරය වෙතට දිවගියේ අනෙක් සහෝදර නිළධාරීන් එපා යැයි කෑ ගසත්දී ය.. නමුත් රට දැය වෙනුවෙන් වූ යුතුකම මනාව වටහාගෙන සිටි සෙබළ ගාමිණී සතුරු වෙඩි පහර කා ගෙනම තම දෑත මත වූ බෝම්බ ද රැගෙන කෙසේ හෝ කොටි‍ බුල්ඩෝසරයේ ඉණිමඟ ද නැග එම බෝම්බ, ‍බුල්ඩෝසරය අැතුළට දමා ගැසීය.. මේ සමඟම කොටි සන්නද්ධ බුල්ඩෝසරය පුපුරා ගිය අතර ත්‍රස්තවාදීන්ගේ ආක්‍රමණය ද නැවතී කඳවුර රැකගැනීමට හැකි විය... ඒ සමඟින් ම ගාමිණී කුලරත්න විරුවා ද තම අවසන් හුස්ම පොද වා තලයට මුසු කලහ...

Friday, June 5, 2015

මිහිකතේ තුතිගීය...

පරිසරය සුරැකීම පිළිබඳ ලෝකයේ අවධානය යොමුකිරීම සහ ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සෑම වර්ෂයකම ජූනි 5 වැනි දිනට යෙදී ඇති, ලෝක පරිසර දිනය පිළිබඳ කෙටි විමසුමකි.....

image source : http://starofstar.yolasite.com/resources/SAVE_THE_NATURE_by_Pasado.png




         1972 වර්ෂයේ දී ස්වීඩනයේ, ස්ටොක්හෝල්ම් නගරයේ පැවැති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ දී ස්ථාපිත කරගන්නා ලද මෙම දිනය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන - United Nations Environment Programe (UNEP) - ‍යටතේ ක්‍රියාත්මක කරනු ලබයි...

මෙවර එහි තේමාව වී ඇත්තේ..            
             බිලියන හතක සිහිනයන්....
             එකම මිහිමඩලක්....
             ප්‍ර‍වේශමෙන් පරි‍භෝජනය කරමු....   යන්නය.
             

Monday, May 25, 2015

තරුණ දිනය හා තරුණ ප්‍රජාව හමුවේ ඇති අභියෝග...

21 වැනි තරුණ දින සැමරුම මෙවර ද ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා තරුණ කට‍යුතු ඇමතිතුමා සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිතුමන් ඇතුලු ආරාධිතයන් සහ යෞවන සමාජ ව්‍යාපාරය හා සම්බන්ධ තරුණ තරුණියන් රැසකගේ සහභාගීත්වයෙන් උත්කර්ශවත් ලෙස පැවැත්විය.
             තරුණ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් පිළිබඳව මෙහිදී වැඩි වශයෙන් අවධානය යොමු කරන ලදි. 
මූලාශ්‍රය - http://www.reachingcampus.com/wp-content/uploads/2010/11/hands.jpg
         
 පසුගිය කාල වකවානුව පුරාවටම තරුණ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩසටහන් සුවිශාල ප්‍රමාණයක් නිර්මාණය වුව ද සැබැවින්ම බිම් මට්ටමේ තරුණ ප්‍රජාව‍ට ලැබුණු ප්‍රතිලාභයක් නැති තරම්ය. වි‍ශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වෙනුවෙන් පවතින ප්‍රධානතම සංවිධානය වන යෞවන සමාජ ව්‍යාපාරය ද මේ වන විට යල් පැන ගිය ව්‍යාපාරයක් බවට පත්වෙමින් පවතී... 

Monday, January 26, 2015

ග්‍රාමීය අධ්‍යාපනයේ හෙට දවස...

          "කොළඹට කිරි ගමට කැකිරි.." යන උපමාව අප ව්‍යවහාරයට එක් වී අැත්තේ මෑත අතීතයේ දී ය.පසුගිය දශක කිහිපය පුරාවට විවිධ ආණ්ඩු රට පාලනය කල ද ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම නිසා මෙය අප ජන විඥාණය තුළට කිඳා බැස ඇතැයි අපට අනුමාන කළ හැක. කොළඹ නගරය හා තදාසන්න පෙදෙස්වල සංවර්ධනය සහ ග්‍රාමීය පෙදෙස්වල සංවර්ධනය අහසට පොලොව මෙන් අන්ත දෙකක් ගෙන ඇත. ප්‍රවාහන දුෂ්කරතා, ජලය ලබා ගැනීමේ දුෂ්කරතා, වන අලි තර්ජන, ස්වභාවික විපත් වලින් නිරන්තර පීඩනයට ලක්වීම, සනීපාරක්ෂක පහසුකම් අවම වීම සහ අධ්‍යාපන පහසුකම් ප්‍රමාණවත් නොවීම ආදී කාරණා රාශියක් මෙහිලා දැක්විය හැක.

නිසි අධ්‍යාපනයක් මඟින් දරුව‍න්ගේ අනාගතය සුරක්ෂිත කළ හැක...
මූලාශ්‍රය - http://2.bp.blogspot.com/-ZhRTsmju-CU/UR-Xab49P6I/
AAAAAAAAIns/juIEtUaUX3k/s1600/2013-02-11+12.14.51.jpg

Saturday, December 20, 2014

මත්පැන් දුම්වැටි සහ මාධ්‍ය වගකීම...

      මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් වුවහොත් සිගරට් පැකැට්ටුවේ රූපමය අවවාද 80%ක් දක්වා වැඩිකරන බව ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල දක්වා ඇත. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට පත්වූ පසු ඔහු විසින් ද මතට තිත තබන බව ප්‍රකාශ කරනු ලැබීමට ඉඩ ඇත. මෙම කාරණා වලින් පැහැදිලි වන්නේ මත්පැන් දුම්වැටි යනු සමාජය වෙලාගත් උවදුරක් බවය. කුමන පුද්ගලයා රටේ ජනාධිපති වුවත් රටේ ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර මෙවැනි අහිතකර පුරුදු වලින් ඔවුන් ගලවා ගැනීමට එමෙන්ම එම අහිතකර දේ භාවිතය අධෛර්යමත් කිරීමට හැකි සෑම පියවරක්ම ගත යුතු ය. මේ සඳහා දේශපාලකයන් හා පක්ෂ මාරු වන විට වෙනස් නොවන ස්ථිර ප්‍රතිපත්තියක් රටේ ව්‍යවස්ථාවට ඇතුලත් කිරීම ද වැදගත්ය. මේ කාරණය වෙන කවරදාටත් වඩා අද වන විට අත්‍යාවශ්‍ය කාරණයක් වී ඇත. මන්ද යත්, තාක්ෂණයේ දියුණුවත් සහ පවුල් සංස්ථාව තුළ මවුපිය දූ දරු සබඳතාව අඩුවී යන ප්‍රවණතාවයත් නිසා වර්ථමාන සමාජයේ දරුවන් විෂමාචාරයන් ට යොමුවීමේ වැඩි ඉඩකඩක් පැවතීමයි. අපට අසන්නට දකින්නට ලැබෙන බොහෝ පවුල් ආරවුල්, රණ්ඩු සරුවල් ආදියට ප්‍රධාන හේතුව මත්පැනයි. එම ආරවුල් මිනී මැරුම් වලින් කෙළවර වූ අවස්ථා ද දුලබ නොවේ. එමෙන්ම නිවසේ ස්වාමි පුරුෂයා මත්පැනට ඇබ්බැහිවීම නිසා කඩා ඉහිරුණු පවුල් පිළිබඳව ද අප අසා දැක ඇත. බීමත් රියදුරන් විසින් සිදුකරන ලද රිය අනතුරු වලින් අහිමි කල වටිනා මිනිස් ජීවිත ප්‍රමාණය අති විශාල ය. දුම්වැටි නිසා ද රෝගී වන පිරිස ගැන අමුතුවෙන් ඔබට මතක් කිරීම නිෂ්ඵල දෙයක් බව මට හැඟෙන අතර මත්පැන් සහ දුම්වැටි වලින් රටේ ජනතාව, විශේෂයෙන් ම තරුණ හා ළමා පරපුර ගලවා ගත යුතු බව මුලු රටම පිලිගත් කාරණයකි. එබැවින් ඒ පිළිබඳව තවත් කරුණු දැක්වීම අනවශ්‍ය අතර වැදගත් වන්නේ මෙම උවදුරෙන් මිදෙන්නේ කෙසේ ද යන්න ය.
රූපමය අවවාද ඇතුළත් කල පමණින් ප්‍රශ්ණය විසඳේ ද? .....
මූලාශ්‍රය - http://www.lankapuvath.lk/sinhala/images/stories/
aimages/Awawadaya.jpg
       
Blogger Widget